සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් 444කට ජනපති පොදු සමාව යටතේ නිදහස හිමිව තිබේ. මේ අතර කාන්තා රැඳවියන් 18ක්ද වෙයි.
වැලිකඩ බන්ධනාගාරයෙන් රැඳවියන් 83ක්, පල්ලේකැලේ බන්ධනාගාරයෙන් රැඳවියන් 54ක්, කුරුවිට බන්ධනාගාරයෙන් රැඳවියන් 35 ක්, මහර බන්ධනාගාරයෙන් රැඳවියන් 30ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් 28ක් ඇතුළුව දිවයිනේ බන්ධනාගාර 29ක රැඳවියන්ට මෙලෙස නිදහස හිමිව තිබේ.
බන්ධනාගාර තුළ මේ වන විට පවතින අධික තදබදය පාලනය කිරීම සඳහා මෙම රැඳවියන්ට ජනපති පොදුසමාව යටතේ නිදහස් කෙරෙන බව තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
මීනි මැරුම්, මංකොල්ල කෑම්, ස්ත්රි දුෂණ, ළමා අපචාර ඇතුළු බරපතළ ගණයේ වැරදි සම්බන්ධ කිසිදු රැඳවියෙකුට මෙම ජනපති පොදුසමාව හිමි නොවෙයි.