බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්රයෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගෙන් 4000කට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර ආශ්රයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 4274 දෙනෙකු හඳුනාගෙන ඇතිඅතර ඉන් 129 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් ය.
ඊයේ (13) දිනය වනවිට සමස්ත ආසාදිතයින්ගෙන් 3973 දෙනෙකු සුවය ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 291ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.