බන්ධනාගාරවල සිදුවන නීතිවිරෝධී කටයුතු පාලනය කිරීම වෙනුවෙන් සී.සී.ටී.වී. කැමරා සවි කිරීමට අවධානය යොමුකර ඇති බව විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
බන්ධනාගාරල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.
එසේම මේ වන විට බන්ධනගාරවල රැඳවිය හැකි ප්‍රමාණයට වඩා තුන් ගුණයක ප්‍රමාණයක් රඳවා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය ජවාරම වැනි බරපතල වරදකරුවන් ඝනයට ඇතුළත් නොවන සුළු වැරදි වෙනුවෙන් බන්ධනාගාරගත කර ඇති යහපත් කල් ක්‍රියාවෙන් යුත් රැඳවියන් නිදහස් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.