ඊයේ දින (4) තලාතුඔය පොලීසිය කළ වැටලීමකදී බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිට මහා පරිමාණයේ කුඩු ව්‍යාපාරයක් මෙහෙයවන රියාෂ් නානා නැමති පුද්ගලයෙකුගේ නියෝජිතයින් සහ ඊට සම්බන්ධ තවත් පුද්ගලයින් දහතුන්දෙනෙකු හා මත්කුඩු ග්‍රෑම් හතලිහක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ දින (4) ඉදිරිපත් කිරීමන් පසු මෙම මස දහඅටවන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති අතර එහි ප්‍රධාන සැකකරු තවදුරටත් තලාතුඔය පොලීසියේ රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.
මේ අතරින් එක් අයෙකු අවුරුදු විසි දෙකක එක් දරු මවක් වන අතර ඇය කුරුණෑගල රිදීගම පදිංචි කාරියෙකි. ඇගේ ස්වාමියාද මත්කුඩු සම්බන්ධයෙන් බන්ධනාගාරයේ සිර දඩුවම් විදින බවත් ඇය කුඩු ග්‍රෑම් එකක් රුපියල් අට දහසකට මිලදී ගෙන එයින් කුඩා පැකට් අටක් සාදා එකක් රුපියල් තුන්දහසකට අලෙවි කරන බව පොලීසීයේදී ප්‍රකාශ කොට ඇත.
බන්ධනාගාර ගතවී සිටින නියාෂ් නානා නැමති අයෙකු මෙම මහා පරිමාණ කුඩු ව්‍යාපාරය මෙහෙයවන අතර කුඩු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ඔහුගේ ගිණුමකට බැර කරන අතර මුදල් බැරවූ බවට කෙටි පණිවිඩයක් බන්ධනාගාරයේ සිටින රියාෂ් නානාගේ දුරකතනය ලැබීමට සලස්වා ඇත.
ඒ අනුව ඔහු සිරගෙදර ඇතුලේ සිට දුරකතනයෙන් මත්කුඩු ඇති ස්ථාන (ලොකේෂන්) අදාල පුද්ගලයින්ට දුරකතනයෙන් දැනුම් දෙන අතර ඒ අනුව මත්කුඩු සඟවා ඇති ස්ථාන වලට ගොස් අදාල ගැණුම්කරුවන් විසින් ගනු ලබයි.
එවැනි සිද්ධියක් පිළිබඳව තලාතුඔය පොලීසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත ගුරුදෙණිය ගුඩ්හෝප් ප්‍රදේශයේ විදුලි ට්රාන්ස්පෝමරයක් අසල සඟවා තිබූ කුඩු පැකට් ගැනීමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු හා දම්වැලක් මෙන් බැදී සිටි මෙම ව්‍යාපාරයට සමබන්ධ දහතුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු මහනුවර නගරයේ ප්‍රධාන පෙලේ පිරිමි පාසලක අධ්‍යාපනය ලැබූවෙකු වන අතර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
අත්අඩංගුවට ගත් සියලු දෙනාම වයස අවුරුදු දහ අටත් විසි පහත් අතර වයසේ පසුවන තරුණයින් වන අතර ඔවුන් කටුගස්තොට මාතලේ කිවුල වැරැල්ලගම බණ්ඩාරපොල අකුරණ අලවතුගොඩ හා උකුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
රියාෂ් නානා විසින් අදාල නියෝජිතයින්ට කුඩු අලෙවි කිරීම වෙනුවෙන් ලැබිය යුතු ලාභයකුඩු පැකට් එකකට රුපියල් දහස බැගින් ඊෂි කැෂ් මගින් ලබාදෙන බවත් පොලීසියේදී ප්‍රකාශ කොට ඇත.
අසේල වික්‍රම