කොවිඩ් 19 වෛරසය බන්ධනාගාරය තුල ව්‍යාප්ත වීම මනා ලෙස පාලනය කර ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසීය.
අද මහනුවර කුණඩසාලේ මැතිවරණ කොට්ඨාසයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කීය.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා ,
බන්ධනාගාරය තුල මේ වන විට පීසීආර් පරීක්ෂණ හාර දහසකට පන් දහසකට වැඩියෙන් සිදු කරල තියෙනවා. දැන් වන විට බන්ධනාගාරය තුල පීසීආර් පොසිටිව් වුණ අය ඉන්නේ 365 යි. කවුරුත් මැරිල නෑ. බන්ධනාගාරය තුල කිසිම ප්‍රශ්නයක් නැතිව එය සමනය කර ගෙන තියෙනවා.
මා බන්ධනාගාර අමාත්‍යාංශය භාර ගන්න කොට රැඳවියන් 27,000 ගණනක හිටියා. අද වන විට 10065 ක් නිදහස් කරල තියෙනවා. ඒ 10,065 ම පීසීඅර් පරීක්ෂණ කරලා පොසිටිව් වුණානම් අවශ්‍ය ප්‍රතිකාර කරල නිදහස් කරල තියෙනවා. නෙගටිව් කට්ටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්ට දන්වලා අපි නිදහස් කරල තියෙනවා. යැයිද කීය.
මොහොමඩ් ආසික්