බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ වෙනමම බුද්ධි ඒකකයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
බන්ධනාගාර ආඥාපනත පරිදි බන්ධනගාර කොමසාරිස්වරයාගේ සාමාන්‍ය බලතල හා පාලනයට යටත්ව බන්ධනාගාරයේ ඵලදායි පාලනය හා වනය පවත්වාගෙන යෑම සඳහා මෙම බුද්ධි ඒකකය ස්ථාපිත කිරීමට නියමිතය.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාය.