නව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා පත්කර ඇති බව සඳහන් වේ.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් ඔහු මෙලෙස පත් කර ඇති බව සඳහන් කෙරේ.
ඊයේ (06) දිනයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට මෙතුමාගේ නම යෝජනා කිරීමෙන් අනතුරුව ඒ සඳහා අනුමැතිය හිමි වී ඇත.
ලබන සතියේ නව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සිය තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කිරිමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.