මොනරාගල බන්ධනාගාරයේ රැඳවියක් ඊයේ (23දා) සවස බන්ධනාගාරයේ වැසිකිළියක් තුළ සිය දිවි හානිකරගෙන ඇති බව මොනරාගල පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, අම්පාර කල්මුණේ පාර ප්ර‘දේශයේ පදිංචිව සිටි තුන්කෝරළ අධිපතිගේ දුලාන් මධුෂාන් (අවු.22) නැමත්තෙකි.
හෙතෙම පුද්ගලයන්ට පහරදීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවෙකු බවත්, ඔහු වැසිකිළියේ තුළ මරණයට පත්ව සිටියදී බන්ධනාගාර නිලධාරීන් සොයාගෙන තිබේ.
මියගිය අයගේ මෘත දේහය දැනට මොනරාගල දිස්ත්රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක වේහිත නිමල දේශප්රිය මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මොනරාගල - සුමනසිරි ගුණතිලක