කොවිඩ් 19 ආසාධිතයවී බදුල්ල මහ රෝහලට ඇතුලත් වූ රෝගීන් 50 දෙනෙක් මේ වසරේ පෙබරවාරි මාසයේ සිට ජුනිමස 6 වැනිදා දක්වා කාලය තුළ මියගොස් ඇතැයි රෝහල් වාර්තාවලින් අනාවරණය වෙයි .
පෙබරවාරි මාසයේ මරණ 01 යි, මාර්තු මාසයේ 06 යි, මැයි මාසයේ 36 යි. ජුනි මාසයේ ඉකුත් දින තුළ 07 යි ලෙස මෙම මරණ වාර්තාවී තිබේ .
අප්‍රේල් මාසයේ එක මරණයක් වත් වාර්තා නොවූ අතර මැයි මාසේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවීම විශේෂත්වයකි .
බදුල්ල , බණ්ඩාරවෙල, හපුතලේ. දියතලාව , පස්සර , වැලිමඩ, ඌවපරණගම , මහියංගණය , රිදීමාලියද්ද , ලුනුගල ,හාලිඇල ,මහියංගණය ,කන්දකැටිය ,හල්දුම්මුල්ල ,සොරණාතොට , ඇල්ල යන ප්‍ර දේශයන්හි පදිංචි කරුවන් මෙසේ මියගොස් තිබිණ .
බණ්ඩාරවෙල , දියතලාව , හා වැලිමඩ රෝහල්වලදීද කොවිඩ් රෝගීන් මියගිය නමුත් එම සංඛ්‍යාව මීට ඇතුලත් නොවේ .
බදුල්ලේ පාලිත ආරියවංශ