බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරියක් ද කොවිඩ් 19 ආසාදිතයෙක් බව අද (6) ලැබුණ පී.සී. ආර් . වාර්තාවලින් අනාවරණය වී තිබේ .
එම වෛද්‍යවරිය ගැබිණියක් බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
ඉකුත් දින 5 තුළ මේ වන විට මෙම වාට්ටුවෙන් වෛද්‍යවරු දෙදෙනෙක් ,හෙදියන් දෙනෙක් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් , රෝගීන් 29 දෙනෙක් හා රෝගීන් බලාගැනීමට සිටි 8 දෙනෙක් පවිත්‍රතා කටයුතු වල නියැලී සිටි පුද්ගලික ආයතනයක සේවකයෙක් ඇතුලු 34 දෙනෙක් අසාදිතයන් බවට තහවුරු වී තිබේ .
කොවිඩ් ආසාදනයට ලක්වූ 70 හැවිරිදි පිළිකා රෝගියෙක් (5) ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ දේශය බදුල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී ඊයේ (5) රාත්‍රී ආදාහනය කෙරිණ
මේ අනුව පිළිකා වාට්ටුව තාවකාළිකව වසා දැමූ බව රෝහල් අධ්යක්ෂ සී .මාපා මහතා පැවසීය .
කෙසේ නමුත් මෙම වාට්ටුව වෙනම පරිශ්රයක පිහිටා ඇති බැවින් රෝහලේ අනෙකුත් කටයුතු වලට එය බාධාවක් වී නැතැයිද හෙතෙම පැවසීය .
පාලිත ආරියවංශ