දැඩි සත්කාර සේවය අවශ්‍ය වන කොවිඩ් රෝගින් ඇතුළු රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය එන්නත්වල පවතින හිගය නිසා රෝගී ජීවිත වලට අවධානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක බදුල්ල මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු බාරව කටයුතු කරන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් බදුල්ල මහරෝහලේදී පැවසීය .
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාවේ මාධ්‍ය හමුවක් ලෙසින් මෙය පැවැත්වූ අතර රාජපක්ෂ මහතා එහිදී මෙසේද පැවසීය .
දැඩි සත්කාර ඒකක වල ප්‍රථිකාර ලබන රෝගීන්ට කෘත්‍රීම ස්වශන අවශ්‍ය කරන අවස්ථාවන්හිදී ඔවුන්ගේ ස්වාභාවික ස්වශනය නවත්වන්න සිද්ධ වෙනවා . මේ අවස්ථාවේ ලබාදෙන එන්නත් වර්ග වල හිගයක් බදුල්ල ඌවපළාත් මහා රෝහලේ පවතිනවා .මේ තත්වය පිළිබඳව බදුල්ල මහ රෝහලේ ශල්‍ය හා නිර්වින්ද වෛද්‍යවරු විසින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෙත ලිඛිතව දැනුම්දී තියෙනවා .
අපි මේ පිළිබදව සොයා බැලීමේදී මේ වන විට මේ එන්නත් වල උග්‍ර හිගයක් පවතින බව තහවුරු වුනා .
මේ එන්නත් මධ්‍යම බෙහෙත් ගබඩාවේ පවා නැති වාතාවරණයක් තියෙන්නේ . විශේෂයෙන්ම අසාධ්‍ය කොවිඩ් රෝගීන් සදහා මේ එන්නත් අවශ්‍යයි .
මේ වන විට බදුල්ල මහ රෝහලේ ඇත්තේ එන්නත් 6 ක් පමණයි. එම අවශ්‍යතාවය සහිත රෝගීන් වැඩි වුවහොත් ඉතා අවසනාවන්ත තත්වයක් ඇතිවිය හැකියි.
අපේ රෝහල විතරක් නොවෙයි අනෙක් රෝහල් බොහොමයක තත්වයක් මේකයි .වගකිව යුතු ආයතන වහාම අවශ්‍ය පියවර නොගතහොත් දැඩි අර්බුධයක් දිග්ගැසෙන බවද පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
ඔහු මෙසේද කීවේය .
මේ පිළිබදව අප බදුල්ල මහ රෝහලේ අධ්යක්ෂ වරයාගෙන් විමසුවා ඔහු පැවසුවේ එන්නත් 200 ක කුරුණෑගල රෝහලෙන් හා තවත් ප්‍රමාණයක් කිලිනොච්චිය රෝහලෙන් රැගෙන ඒම සඳහා කණ්ඩායමක් පිටත්කර හැර ඇති බවයි .
මේ වන විට අපේ රෝහලේ අවශ්‍යතාව එන්නත් 100 ක් එනිසා එහෙම ගෙනැල්ලේ පිරිමහන්න පුළුවන් තත්වයක් පේන්න නැහැ .
ජීවිත ආරක්ෂාවට අවශ්‍ය ඖෂධ අත්‍යාවශ්‍ය ප්‍රමාණයට ගබඩා කිරීම සඳහා දත්ත නඩත්තු කරීමටත් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාල බලධාරින් කටයුතු නොකිරීම කණගාටු දායක තත්වයක් බවද වෛද්‍ය රාජපක්ෂ මහතා අවධාරණයෙන් කියා සිටියේය .
පාලිත ආරියවංශ