බදුල්ල මහ රෝහලත් කළුබෝවිල තත්වයට ළගා වෙමින් තිබෙන බව දිස්ත්‍රික් රජයේ වෛද්‍ය සංගමයේ සභාපති හා රෝහලේ කොරෝනා වාට්ටු භාර වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුලු කාර්ය්ය මණ්ඩලයේ දහසය දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බවත් අහඹු ලෙස රොගීන්ට සිදු කරන ඇන්ටිජන් පරීක්ණ වලින් විශාල පිරිසකට රෝගය වැළදී තිබෙන බවත් වෛද්‍යවරයා කියයි.
රෝහලේ මේ වෙද්දී කොරෝනා රෝගීන් 146දෙනෙකු වාට්ටු පහක ප්‍රතිකර ලබමින් සිටිනවා.ඇදන් ධාරිතාවය ඉක්මවා ගොස් තිබෙනවා දිනකට ඒ අතරට තවත් රෝගීන් විශාල පිරිසක් එක්වෙනවා ඌව පළාතෙන්ම රෝගීන් එනවා. දැඩි සත්කාර ඒකකයේ ඇදන් පිරිලා.
රෝගීන් 40කට වැඩි පිරිසක් ඔක්සිජන් ලබමින් සිටිනවා එයින් සැලකිය යුතු පිරිසක් දිනපතාම මිය යනවා ප්‍රතිකාර ලබන ඇතැම් රෝගීන් මාලුවෙකු දියෙන් ගොඩට ගත්තාම දගලන විධියට දගලමින් මිය යනවා දැක්කානම් මිනිස්සු ගෙදර ජනේලයකින්වත් එළිය බලන්නේ නෑ.
තව ටික දවසක් ගියාම වෛද්‍යවරුනුත් අනිත් නිලධාරියෙනුත් රෝගීන්ට ප්‍රතිකාර කරන්න නැතිවෙයි. එම නිසා මේ වසංගතයත් සමග ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.
අනතුරුවලින් වැළකී ඉන්න උත්සාහ කර වෛද්‍යවරුන් ඇතුලු කාර්ය්ය මණ්ඩල මුහුණ දී තිබෙන තත්ත්වය බලා ජනතාව මෙම රෝගයෙන් බේරී කටයුතු කරන්න යැයි රාජපක්ෂ මහතා පැවසීය.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි