හාලිඇල - මුදුන්පිට , ප්‍රදේශයේ මංගල උත්සවයට සහභාගිවී යළි රැකියාවට ගොස් සිටි මංගල උත්සවය පැවති ස්ථානයේ දැරියගේ පියා ඇතුලු වරාය සේවකයන් සිවුදෙනෙක් කොවිඩ් 19 අසාදිතයන් බවට තහවුරු ඇතැයි හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි
අනෙක් ආසාදිතයන් තිදෙනා බදුල්ල (හිඳගොඩ) හාලිඇල (කන්දේගෙදර සහ කැටවල ) පදිංචි කරුවන් බවද අනාවරණය වී තිබේ .
මුදුන්පිට ආසාදිතයාගේ බිරිඳ බදුල්ල මහ රෝහලේ හෙද නිලධාරියෙක් වන අතර ඇයගේ ආරාධනයෙන් ඇය සේවය කරන වාට්ටුවේ කාර්යමණ්ඩලයේ 15 දෙනෙක්ද මංගල උත්සවට සහභාගි වි ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ .
ආරක්ෂිත පියවරක් ලෙස ඔවුන් සියළු දෙනා ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ .
අප කළ විමසුමකදී බදුල්ල මහ රෝහලේ අධ්යක්ෂ රොහාන් සී. මාපා මහතාද එය තහවුරු කළ අතර මෙය රෝහල් කටයුතු වලට බාධාවක් නොවන බවත් එම කටයුතු සාමාන්‍ය අයුරින් පැවැත්වෙන බවත් අවධාරණය කළේය .
මංගල උත්සවයට සහභාගිවූ සෙසු පිරිස සොයා බදුල්ල සහ හාලිඇල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පොලිසිය සමග එක්ව අද මෙහෙයුමක් දියත් කර තිබිණ පාලිත ආරියවංශ