බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 14ක් පීසීආර් පරීක්ෂණ වලින්අද (4) හදුනාගත් බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .
ඒ අනුව බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් 19 ආසාදිත රැදවියන් පොකුර 101දක්වා ඉහළ ගොස් ඇතැයි හෙතෙම කීය .
ඉකුත් 28වන දින බදුල්ල බන්ධනාගාරයේ රැදවියන් පිරිසකට පීසීආර් පරීක්ෂණ සිදු කළ බවත් ,අද (4) ඉන් ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා වලින් රැදවියන් 14කුට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවට අනාවරණය වූ බවත් ,තවත් පීසීආර් පරීක්ෂණ වාර්තා කීපයක් ලැබිමට නියමිතව ඇතැයි බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා සදහන් කළේය .
මීට ඉහතදී අවස්ථා කීපයකදී බදුල්ල බන්ධනාගාරයේ රැදවියන් පිරිසකට පීසීආර් පරීක්ෂණ කටයුතු සිදු කල බවත් ,එම වාර්තා අනුව කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 87ක්මීට පෙර හමුවූ බවපවසන බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා , බන්ධනාගාර නිළධාරීන්ට පීසීආර් පරීක්ෂණ සිදු කළත් කෝවිඩ් ආසාදිත බන්ධනාගාර නිළධාරීන් කිසිවෙකු වාර්තා නොවු බවද පවසයි
කෝවිඩ් 19ආසාදිත බන්ධනාගාර රැදවියන් පිරිස කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරිමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියහ .
ඇල්ල ප්‍රසාද් රුක්මල්