බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 අසාදිතයන්ගේ වැඩි වීමක් ඉකුත් සතිය තුළ ( ජනවාරි 28- පෙබරවාරි 02) පෙන්නුම් කර ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ බදුල්ල දිස්ත්‍රික් ක්‍රියාන්විතය පෙන්වා දෙයි .
මෙම කාලය තුල අළුතින් තහවුරු කරගත් ආසාදිතයන් සංඛ්‍යාව 63 දෙනෙකි .
මහියංගණය හෝටලයකදී මංගල උත්සවයකට සහභාගිවූ 14 දෙනෙක් , මහියංගණය ගැමුනුපුර ඇගළුම් කම්හලක සේවය කරන 37 දෙනෙක් , (වැලිමඩ ) හද්දාවල දෙදෙනෙක් බොරගස් පදිංචි එක් අයෙක් , සහ හෙවනකුඹුර පදිංචි එක් අයෙක් ,බණ්ඩාරවෙල බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර සදහා පැමිණි බණ්ඩාරවෙල ලීසිං ආයතනය සේවකයන 04 දෙනෙක් ඇතුලු 8 දෙනෙක් මෙසේ ආසාදනයට ලක් වූවන් පී.සී.ආර්. පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ .
පාලිත ආරියවංශ