බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ අහඹු ලෙස සිදු කල පීසීආර් පරික්ෂාවකදී කෝවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 10දෙනෙකු ඊයේ (13) හදුනාගෙන ඔවුන් බිදුනු වැව සහ දියතලාව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කල බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .
බදුලුපිටිය ජනාශ්‍රිත ප්‍රදේශයේ මෙසේ මීට දින තුනකට පමණ ඉහතදී අහඹුලෙස පුද්ගලයන් සියයක් පීසීආර් පරික්ෂණයට යොමු කල බවත් , එම පීසීආර් පරීක්ෂණ වාර්තා ඊයේ (13) ලැබීමෙන් පසුව මෙම කෝවිඩ් 19 ආසාදිත පුද්ගලයන් හදුනාගත් බවද හෙතෙම කීය .
බදුලුපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් 8ක්, ගල්කන්ද ප්‍රදේශයේ පුද්ගලයකු සහ බදුල්ල නගරයේ දකුණු පටුමග පුද්ගලයකු මෙසේ හදුනාගත් කෝවිඩ් 19 ආසාදිතයන් බවත් බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පැවසීය .
මෙම කෝවිඩ් ආසාදිත අයගේ පළමු පෙල ආශ්රීතයන් හදුනාගෙන ඔවුන් නිවෙස් වල ස්වයං නිරෝධනයට ලක් කළ බවත් ,ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තා ලබා ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන බවද පියල් පද්ම මහතා වැඩිදුරටත් සදහන් කළේය .
ඇල්ල ප්‍රසාද් රුක්මල්