බදුල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේන් කෝවිඩ් 19 ආසාදිතයන් 22ක් (19) හමුවිනැයි බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .
බදුල්ල මලංගමුව ,කන්දේකුඹුර, විනිතගම වියදිගුන, 2කණුව ග්ලේන්පින්වත්ත හිගුරුගමුව යන ප්‍රදේශ වලින් මෙම කෝවිඩ් 19 ආසාදිත පිරිස මෙසේ හමුවූ බවත් , මොවුන් නිරෝධනයට ලක් කර සිටියදී සිදු කල පීසීආර් පරීක්ෂණ වලින් අනතුරව ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා වලින් මොවුන්ට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවට අනාවරණය විනැයි හෙතෙම සදහන් කළේය .
මෙම කෝවිඩ් 19 ආසාදිත පිරිස අතර කාන්තාවන්, කුඩා දරුවන් 12ක් සහ පිරිමි පුද්ගලයන් 10ක් සිටින බව පවසන බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා එම කෝවිඩ් ආසාදිත පිරිස බදුල්ල හිදගොඩ සහ බිදුනුවැව කෝවිඩ් ප්‍රතිකාර ඒකක වලට ඇතුළත් කිරිමට කටයුතු සිදු කල බව පැවසීය .
ඇල්ල ප්‍රසාද් රුක්මල්