බදුල්ල නාගරික සීමාවේ පිහිටි බදුලුපිටිය ග්‍රාමයේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයන් ගෙන් ඉකුත් දින 5 ක කාලය තුල කොවිඩ් ආසාදිතයන් 32 දෙනෙක් හමුවීමත් සමග තවදුරටත් පී. සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව බදුල්ල මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රසාද් උපුල් කුමාර මහතා පැවසීය
අද (17) දින සිදුකළ පී. සී .ආර්. පරික්ෂණ සදහා 200 ක පමණ පිරිසක් දැඩි උනන්දුවකින් සහභාගිවූහ .
මේ අතර බදුල්ල බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ සාකච්ජාවකදී බදුලුපිටියේ කොවිඩ් පොකුර පාලනය කර ගන්නා තුරු බදුල්ලේ සමූහ වශයෙන් සහභාගිවන රැස්වීම හා උත්සවය නතර කිරීමටත් , ආගමික කටයුතු සදහා සමූහ වශයෙන් සහභාගි කර නොගන්නා ලෙස ආගමික ස්ථාන වල ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටීමත්, මුව ආවරණ නීතිය කඩකරන අයට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය යෙදවීමටත් තීරණය විය
බදුල්ල පොලිස් සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයෙන් හදුනා ගත් සැරයන්වරුන් 8 දෙනො ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර එම පුහුණුවට සහභාගිවි සිටි සියලු පොලිස් නිලධාරින් පී සී ආර් පරික්ෂණයට යොමුකර ඇති බවද අනාවරණය විය
පාලිත ආරියවංශ