ඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙමෝදර දුම්රියපොළට නුදුරුව බදුලුඔය රක්ෂිතයේ ගල් තලාවක නිධන් හාරමින් සිටි බවට සැකපිට පුද්ගලයින් හයදෙනෙකු අද (24)දා දහවල් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල, දෙමෝදර, ගවරවෙල, බණ්ඩාරවෙල සහ හපුතලේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන වයස අවුරුදු 40- 60 ත් අතර පසුවන පුද්ගලයින් හයදෙනෙකි.
ඇල්ල පොලීසියට මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව එම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ වැටලීම සිදුකර ඇති අතර එහිදි සැකකරුවන් සතුව තිබූ වෙඩි බෙහෙත්, සේවා නූල්, ජෙලිට්නයිට් කූරු දෙකක්, ජෙනරේටරයක්, ගල් සිදුරු කරන යන්ත්‍රයක් හා උදලු අලවංගු වැනි ආයුධ කීපයක්ද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර ඇල්ල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.