පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, බන්ධනාගාර වෛද්‍යවරයෙකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් පිළිබඳව සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.
මැගසින් බන්ධනාගාරයේ රෝගීන් පරීක්ෂා කරන බෙහෙත් ශාලාව තුළදී රිෂාඩ් බදියුදීන් එලෙස තර්ජනය කර ඇති බවට එම වෛද්‍යවරයා පැමිණිලි කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.
රාජකාරියට බාධා කිරීම, අපහාසාත්මක බැණ වැදීම, මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධව වෛද්‍යවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට, පොලිස්පතිවරයාට සහ වෛද්‍ය අධ්යක්ෂවරයාට එලෙස පැමිණිලි කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.