බදියුදීන් නිවසේ පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරියගේ දේහය යළි ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවත්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, දැරිය රෝහල් ගත කළ අවස්ථාවේදී සත්‍ය කරුණු හිතාමතාම වසන් කිරීමට මන්ත්‍රීවරයාගේ මාමණ්ඩිය ක්‍රියා කර ඇති පෙනී යන බවයි.
සැකකරුවන් ඉහළ පුද්ගලයින් සමඟ සම්බන්ධකම් පවතින අය බවත් ඔවුන් මේ අවස්ථාවේ ඇප මත මුදා හැරියහොත් සාක්ෂිවලට බලපෑම් සිදුවිය හැකි බැවින් ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.