කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පසුගියදා ඕමානයේදී පැවැත්වුණු රාජ්‍ය මට්ටමේ සාකච්ඡාවක් සඳහා සහභාගි වූ බවට තොරතුරු අනාවරණය වී තිබේ.
හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත ඕමාන තෙල් පිරිපහදුවට අදාළ සාකච්ඡාවක් එහිදී පැවැත්වී ඇත.
උපායමාර්ග සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන්ද මේ සඳහා සහභාගි වී ඇතැයි අද (08දා) උදෑසන ආයෝජන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබේ.
පසුගිය පාස්කු ඉරිදා (21දා) මෙරට සිදුවුණු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් දැඩි ලෙස චෝදනා එල්ල වුණු රජයේ දේශපාලනඥයන් අතර රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාද සිටි නමුත් ඊට දින කිහිපයකට පසුව ඔහු හදිසියේම විදෙස් ගතවිය.
ඔහු මෙලෙස ඕමානය බලා පිටත්ව ගිය බවට රජය පැවසුවද, රාජ්‍ය මට්ටමින් පවත්වන සාකච්ඡාවක නියෝජිතයකු ලෙස සහභාගි වීමක් පිළිබඳ එහි කිසිදු සඳහනක් නොවීය.