එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ඉදිරිපත්වුවහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට බලපෑම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
තමන් ඉවත්වූ පසුව ආණ්ඩුව කරගෙන යන්නේ කෙසේදැයි යනුවෙන් ඔහු බලපෑම් කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. එම ප්‍රකාශය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ද අනුමත කර ඇතැයි ඔහු පැවැසීය.
එසේම අද පැවැති පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බවත් ඉන් අනතුරුව සති තුනකින් දිනයක් ලබාදිය හැකි ප්‍රකාශ කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම බද්යුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ලබන සතියේදි දිනයක් ලබානොදුන හොත් ජනතාව සමග පැමිණ පාර්ලිමේන්තුව වටලන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.