රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී බාල වයස්කාර දැරියක් පිළිස්සී මරණයට පත්වීමේ සිද්ධියේ පරීක්ෂණවලට උපදෙස් දෙන්න නීතිපතිවරයා නිලධාරීන් කණ්ඩායමක් පත් කළා.
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී දැරියක මියයාම සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වනවා. ඒ සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. බදියුදීන් මහතාගේ නිවසේ සිටි පුද්ගලයන්ගෙන් මෙන්ම දැරියගේ දෙමව්පියන්, පාසල් විදුහල්පතිවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. මීට පෙර ඒ මහතාගේ නිවසේ සේවය කළ මෙහෙකාරියන් දෙදෙනෙකුගෙන්ද ප්‍රකාශ ලබා ගත්තා.
මෙම පරීක්ෂණවලට අවශ්‍ය උපදෙස් ලබාදීම වෙනුවෙන් නීතිපතිවරයා නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇත්තේ. නීතිපති සංජය රාජරත්නම් මහතා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත කැදවා සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම පියවර ගත්තා. දැනට සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රගතිය පිළිබද මෙහිදී නිතිපතිවරයා දැනුවත් කළ බවයි වාර්තා වන්නේ.