බොදුබල සේනා සංවිධානය සහ පුනරුත්ථානපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පක්ෂයේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් අද (04දා) දහවල් රාජගිරිය, නාවල පාරේ පිහිටි බොදුබල සේනා මූලස්ථානයේ පැවැත්විණි.
බොදුබල සේනා සංවිධානය නියෝජනය කරමින් විතාරන්දෙණියේ නන්ද හිමියන් සහ දිලන්ත විතානගේ මහතා එක්වූ අතර, පුනරුත්ථානපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පක්ෂයේ සභාපතිවරයා, මාධ්‍ය ලේකම්වරයා හා තවත් නියෝජිතයෙක් එම අවස්ථාවට සහභාගි වූහ.
බොදුබල සේනා සංවිධානයේ ඉදිරි කටයුතු සඳහා සහාය ලබාදෙන බව පුනරුත්ථානපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පක්ෂයේ සාමාජිකයෝ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුව පවත්වමින් මෙලෙස සඳහන් කළහ.