බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කර තිබීම සම්බන්ධව සන්දේශයක් බාර දීම සඳහා භික්ෂූන් වහන්සේලා කිහිපනමක් කොළඹ රොස්මිඩ් පෙදෙසේ පිහිටි මියන්මාර් තානාපති කාර්යාලයට අද (17දා) වැඩම කළහ.
ඥානසාර හිමියන්ට විරුද්ධව ව්‍යාජ කරුණු ඇතුළත් සාක්ෂි නිර්මාණය කර අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා වසර 19ක සිරදඬුවමක් ලැබී තිබෙන බව එම සංදේශය මගින් කරුණු දක්වා තිබුණි.