ඉන්දියාවේ ලඩක් ප්රදේශය වෙනමම ප්රාන්තයක් වශයෙන් නම් කිරීමට ඉන්දීය රජය විසින් පියවර ගැනීමත් සමගබෞද්ධ බහුතරයකින් යුතු ප්රථම ඉන්දීය ප්රාන්තය බවට ලඩක් පත්වන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
අග්රාමාත්යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ ලඩක් ප්රාන්තයේ සියයට හැත්තෑවක බෞද්ධ ජනගහණයක් වෙසෙන බවයි.
තමන් ලඩක් ප්රදේශයේ සංචාරය කර ඇති බවත් , එහි සුන්දරත්වය හොඳින් අත් විඳ ඇති බව පවසන අග්රාමාත්යවරයා මහතා එය සංචාරය කිරීමට සුදුසු පළාතක් බව ද වැඩිදුරටත් සඳහන් කරයි.