රට තුළ ක්‍රියාත්මක කිරීමට සුදුසු යෝජනාවලියකින් සමන්විත ‘බෝගම්බර ප්රකාශනය’ බොදු බල සේනා සංවිධානය විසින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත පූජා කිරීම අද (07) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුවිය.
මහා සංඝරත්නය, විද්වතුන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුලු පිරිසක් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ සිට බෝගම්බර ප්රකාශනය සහිත සන්නස් පත්‍රය රැගෙන ඒමෙන් පසු ශ්‍රී දනත් ධාතූන් වහන්සේ හමුවේ එය ප්‍රකාශ කොට පූජා කිරීම සිදුවිය.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කළේ රටට සුදුසු නායකත්වයක් නොමැති නිසා ජනතාව අසරණ වී ඇති බවයි.
මහා සංඝරත්නය හා සිව් හෙළය එක්ව පැරණි හෙළ සමාජයේ පැවැති සමාජ තත්ත්වයක් උදාකරලිය යුතුව ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.
“මේ රටේ සැබෑ හිමිකරුවන් වන ශ්‍රී ලාංකික බෞද්ධ ජාතිය අද රටේ බෝඩිංකාරයන් බවට පත්වෙලා. සුදුසු නායකයෙක් නැතුව මේ ශිෂ්ටාචාරය සිංහල දේශයක් කළ ජනතාව අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නවා.
මව්බිම අසරණ වී හඬා වැටෙන අවස්ථාවක එය යථා තත්ත්වයට ඔසවා තැබීම කළ යුතුයි. ඓතිහාසික ජාතියක් ලෙස සිංහලයාට ඓතිහාසික තීන්දු ලබා ගැනීමට හැකි අනාගත ආරක්ෂාවක් හා අභිමානවත් දේශයක් සුරක්ෂිත කිරීමට හැකි වැඩපිළිවෙලක් මේ තුළින් යෝජනා කරනවා.
වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය විවෘතව සංඝ සභාව තුළ, ආගමික කණ්ඩායම් තුළ, දේශපාලන කණ්ඩායම් තුළ වැනි පොදු සාකච්ඡා මණ්ඩපයන් තුළදී සපථ කර ගැනීම සඳහා විවෘත ආරාධනයක් අපි සිදු කරනවා.රටම දැන් සැණකෙළියක් වෙලා. කාටවත් දැන් මග හරින්න බෑ. මේ සියලු දෙනා එක තැනකට එකතු කිරීම අපේ අරමුණයි”
හේරත් ඒකනායක