සෑම බදාදා දිනයකදීම මහජනතාව හමුවීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් අමාත්‍යාංශය තුළ රැඳී සිටීම අනිවාර්ය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක් ඊයේ (27දා) පස්වරුවේ පැවැති අවස්ථාවේදීය.
රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කර ගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ට ප්රමුඛ වගකීමක් පැවරෙන බවත් අමාත්‍යාංශ මට්ටමින් කි‍්‍රයාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට ලක් කිරීමත් මෙහිදී සිදුවිය.
රාජ්‍ය ආදායම් ප්‍රවර්ධනය සඳහා නව යෝජනා, නව ආදායම් මාර්ග නිර්මාණය, ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය සහ රාජ්‍ය ආයතවල වියදම් කළමනාකරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡාවට ලක්වී තිබේ.
අමාත්‍යාංශ විසින් විධිමත් මහජන සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මහජන ඉල්ලීම් සහ දුක්ගැනවිලි සඳහා ප්රමුඛත්වයක් ලබාදීමේ වැදගත්කම ද අවධාරණය කර තිබේ.
එමෙන්ම ජනතාවගේ ජීවන වියදම් අඩු කරමින් ජනතාවට සහන සැළසීම සඳහා ගෙනයන වැඩපිළිවෙලේදී විධිමත් සහ කඩිනම් තීන්දු තීරණ ගනිමින් ජනතාවට සහන සළසාදීම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීම බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.