බද්දේගම නගරයේ ප්‍රධාන බාලක පාසලක විදුහල්පතිවරයා කොරෝනා ආසාදිතයකු බව තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
අද (17) දහවල් ලැබුණු වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම විදුහලට ගොස් විදුහල්පතිවරයාගේ ආශ්රිත ගුරුවරුන් සහ සිසු දරුවන් නිරෝධායනයට යොමු කළහ.
ගුරුවරුන් වැඩි පිරිසක් නිරෝධායනයට යොමුකිරීමට සිදුවුවහොත් පාසල පවත්වාගෙන යාම ගැටලුවක් වියහැකි බවද සෞඛ්‍ය අංශ පවසයි.පාසල විෂබීජහරණය කිරීමට ද කටයුතු සූදානම් කර තිබිණි.
සිරංගිකා ලොකුකරවිට