බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ,ව්‍යාජ නිල මුද්‍රාවක් ද භාවිතා කරමින් ඉඩම් කට්ටි සැලසුම් අනුමත කර මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
අරුක්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක් බැංකුවෙන් ණය මුදලක් ලබාගැනීම සඳහා අවශ්‍ය වීථි රේඛා සහතික සහ නොපවරා ගැනීමේ සහතිකය ලබාගැනීම සඳහා බණ්ඩාරගම අධිකාරිපත්තු උපකාර්යාලයට
ඉදිරිපත් කළ ඉඩම් කට්ටි සැලැස්මක සභාපතිවරයාගේ නිල මුද්‍රාවේ හා අත්සනෙහි වෙනසක් ඇති බවට එම රාජකාරි කරන ලිපිකාරිනියගේ අවධානය යොමු වීමෙන් අනතුරුව මෙම මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු මුලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි
එම ලිපිකාරිනිය සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතාගේ අවධානය ඉඩම් කට්ටි සැලැස්ම වෙත යොමු කිරීමෙන් අනතුරුව එම අත්සන ඔහුගේ නොවන බවත් ,නිල මුද්‍රාව ද ව්‍යාජ එකක් බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව තවදුරටත් සිදුකළ මූලික පරීක්ෂාවේදී එම බිම් කට්ටි සැලැස්ම සභාපතිවරයා විසින් අනුමත නොකර නිෂ්ප්‍රභ කරන ලද සැලැස්මක් බවට වැඩිදුරටත් අනාවරණය වීමෙන් පසු සභාපතිවරයා විසින් මෙම පැමිණිල්ල කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
මෙම මහා පරිමාණ වංචාවට සම්බන්ධ පුද්ගලයන් ,සභාපතිවරයා විසින් අනුමත කිරීම නිෂ්ප්‍රභ කරන ලද බිම් කට්ටි සැලසුම් පමණක් නොව අලුතින් බිම කට්ටිය සැලැස්මවල් අනුමත කර ගැනීම සඳහා ප්‍රාදේශීය සභාව වෙත පැමිණෙන පුද්ගලයන් සමග මිතුරු වී සභාපතිවරයාට පවසා අනුමත කර දෙන මුවාවෙන් ඒවා ලබාගෙන "අනුමත කරමි" යනුවෙන් සඳහන් කර ව්‍යාජ මුද්‍රාව සහ ව්‍යාජ අත්සන යොදා ඒවා දින දෙක තුනක් ලබාදී මුදල් ලබාගෙන ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් වේ .
මෙම මහා පරිමාණ වංචාවට සම්බන්ධ පුද්ගලයන් එම සියලු වංචාවන් සිදුකර ඇත්තේ සභාපතිවරයාගේ නම විකුණා බවත් කාලයක සිට මෙම වංචාව සිදුකර ඇති බව සභාපතිවරයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ .
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද නියමිතය