බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 73 දෙනෙකු අද (17) වන විට වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය පැවසුවාය
මෙම ආසාදිතයන් අතර අටලුගම ප්‍රදේශයේ පුද්ගලයෙක් සිව් දෙනෙකුද වන බව වෛද්‍යතුමිය කීය
එම ආසාදිතයන් සිව්දෙනා මිල්ලනිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයේ සේවය කරන්නන් බව ඇය කීය
මෙම පුද්ගලයන් සිව් දෙනාගේ ආශ්‍රිතයන් සහ අවදානම් කණ්ඩායම් හඳුනාගෙන ඔහුන් හෙට (18) දින පි සි ආර් පරීක්ෂණයට භාජන කිරීමට පියවර ගන්නා බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය .