බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් අද 26 වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 242 දෙනකු වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
එයින් වැඩිම පිරිස වන ආසාදිත පුද්ගලයන් 170 දෙනකු වාර්තා වී ඇත්තේ හුදකලා කරන ලද අටුලුගම ඇතුළු ග්‍රාම සේවා හතෙන් ය.
අටලුගම ප්‍රදේශයෙන් ආසාදිත රෝගීන් බහුතරයක් දෙනා වාර්තාවීමත් සමගම බණ්ඩාරගම නගරයේ ව්‍යාපාරිකයන් එම ව්‍යාපාරික ස්ථානවල සේවකයන් හා අහඹු ලෙස බණ්ඩාරගම නගරයට පැමිණි 300 අධික පිරිසක් ඊයේ 25 බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල භූමියේ දී රැපික් ඇන්ටිජන් පරීක්ෂණයට හා පි සි.ආර් පරීක්ෂණයට භාජනය කළ බවත් රැපික් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කළ 150ක් පමණ දෙනාට වෛරසය ආසාදිත වී නොමැති බවත් අනාවරණය වූ බව එම ප්‍රකාශකයා පැවසීය .
සිදුවේ දිනවල සහ ඊයේ 25 දින සිදු කළ පි සි ආර් පරීක්ෂණ වාර්තා 300 අධික ප්‍රමාණයක් ලැබීමට නියමිතව ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ