ප්‍රමාණවත් තරම් බඩ ඉරිඟු තොග තිබියදී කෘත්‍රීම බඩ ඉරිඟු හිඟයක් නිර්මාණය කිරීමේ උත්සහයක් පිළිබඳ වහා පරීක්ෂණයක් කරන්නැයි ජනපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් දෙයි.
බඩ ඉරිඟු වෙළෙඳාමෙන් අසාධාරණ ලාභ උපයන අතර මැදියන් මේ ප්රයත්නය පිටුපස සිටින බවද හෙළි වී තිබේ.
මෙවර අක්කර 70,000ක බඩ ඉරිඟු වගා කර තිබිණි. ඉන් ලැබුණු අස්වැන්න මෙ.ටො ලක්ෂ තුනකි.එය වෙළඳපළට පැමිණ නැත. බඩ ඉරිඟු කිලෝවක් සඳහා ගොවීන්ට ගෙවිය යුතු අවම මුදල රුපියල් 50කි. උපරිම අළෙවි මිල කිලෝවකට රුපියල් 55ක් ලෙස නියම කර තිබේ.
බඩ ඉරිඟු වගාව සංවර්ධනය කරමින් ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීමට රජය විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇත. බඩ ඉරිඟු ආනයනය පසුගියදා නතර කරනු ලැබීය. ඉදිරියටත් ආනයනය නොකෙරේ. කෘෂිකර්ම අමාත්‍යාංශය හඳුනාගෙන ඇති සියලු ඉඩම්වල බඩ ඉරිඟු වගා කිරීමට රජය සැලසුම් කර ඇත. වාර්ෂික ඉඩ ඉරිඟු නිෂ්පාදනය මෙ.ටො ලක්ෂ 08 දක්වා නැංවීමට අපේක්ෂා කෙරේ. මහා පරිමාණ වගාකරුවනට රාජ්‍ය බැංකුවලින් ණය පහසුකම් සැපයේ.
සත්ව ආහාර නිෂ්පාදනය ඇතුළු වාර්ෂික බඩ ඉරිඟු අවශ්‍යතාව මෙ.ටො 4,50,000 කි. 2018 වර්ෂයේ දී මෙ.ටො 133,128ක් ආනයනය කරනු ලැබීය. වැය කළ මුදල රුපියල් මිලියන 6,718කි. පසුගිය වර්ෂයේ ඔක්තෝබර් දක්වා මෙ.ටො 87,109 ආනයනය කළ අතර වැය කළ මුදල රුපියල් මිලියන 4,846ක් බව සාකච්ඡාවේ දී හෙළි විය.