හැටන් ප්‍රදේශයේ අලෙවි කරන බඩඉරිගු අලෙවි කිරිමට ප්‍රථම නගර සභාවෙන් ඒ සඳහා අනුමැතියක් ලබාගත යුතු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක රාමයියා බලක්‍රිෂ්ණන් මහතා පැවසිය.
බඩ ඉරිගු වගාවට සේනා දළඹු ව්‍යසනය ඇති වි ඇති නිසා පිටතින් ව්‍යාපාරිකයන් බඩ ඉරිගු ගෙනවිත් මෙම ප්‍රදේශයේ අලෙවි කරන බවත්, එම බඩ ඉරිගු හරහා තේ වගාවට සහ එළවළු වගාවට සේනා දළඹුවන් ව්‍යාප්ත විමේ අවධානමක් පවතින නිසා බඩ ඉරිගු අලෙවි කිරිමට ප්‍රථම ඒ පිළිබදව නගර සභාව දැනුවත් කර ඒ සඳහා අනුමැතියක් ලබා ගත යුතු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
සේනා දළඹු ව්‍යසනය නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල බඩ ඉරිගු අලෙවිය පහත වැටි ඇති නිසා ව්‍යපාරිකයන් රැසක් වෙනත් ප්‍රදේශවල සිට ලොරි රථ මගින් හැටන් ප්‍රදේශයට බඩ ඉරිගු රැගෙන විත් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය අභියස ලොරි රථය ගාල් කර බඩ ඉරිගු අලෙවි කරන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
නගර සභාවේ අනුමැතිය නොමැතිව ලොරි රථවල තබාගෙන බඩ ඉරිගු අලෙවි කරන ව්‍යාපාරිකයන් නගර සභා සිමාවෙන් ඉවත් කිරිමටද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කටයුතු කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තේ වගාවට සහ එළවළු වගාවට සේනා දළඹු ව්‍යසනය ව්‍යාප්ත විමේ අවධානමක් පවතින නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවිපොළවල් වලට සතුන්ට ආහාර පිණිස ලබාදිමට පිට පළාත්වලින් ලොරි රථවලින් ප්‍රවාහනය කරන බඩ ඉරිගු ගස් පිළිබදව නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරිමට කටයුතු කරන ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා විසින් කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට ලිඛිතව දැනුම් දි ඇත.