කොවිඩ්-19 මර්දන එන්නත් ලොව පුරා බෙදාගැනීමේ අසමානතාව ගැන හඬ නගමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයිසස් අවධාරණය කළේ, බටහිර රටවල් ආරක්ෂා කරමින් සහ දුප්පත් ජාතීන් තවමත් නිරාවරණය වෙමින් ඇති එන්නත්කරණය මාර්ග දෙකක ගමන් කරන වසංගතයක් බවට පත්ව ඇති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කොවිඩ්-19 එන්නත් නිෂ්පාදකයන්ගෙන් සහ බලවත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ ගෝලීය එන්නත් බෙදාහැරීමේ යෝජනා ක්‍රමය වන COVAX වෙත ඔවුන්ගේ නිෂ්පාදනයන්ගෙන් අඩක් ලබාදෙන ලෙසයි.
දරුණු කොවිඩ්-19 වසංගතයට ගොදුරු විය හැකි දුප්පත් රටවල් කිහිපයකට ඔවුන්ගේ සෞඛ්‍ය සේවකයන්, වැඩිහිටියන් සහ අනෙකුත් ජනගහනයට ප්‍රතිශක්තිකරණය ලබාදීමට නොහැකි වීම ගැන ඔහු කලකිරීමට පත්ව සිටියි.
"වැඩි වශයෙන් අප මාර්ග දෙකක ගමන් කරන වසංගතයක් දකිනවා. බොහෝ රටවල් තවමත් අතිශය භයානක තත්ත්වයකට මුහුණ දී සිටින අතර, වැඩිම එන්නත් අනුපාතයක් ඇති සමහර අය සීමාවන් අවසන් කිරීම ගැන කතා කිරීමට පටන් ගෙන තිබෙනවා." කොවිඩ්-19 වසංගතයේ උග්‍ර අවධිය අවසන් කිරීමට එන්නත් බෙදාගැනීම අත්‍යවශ්‍ය බව ටෙඩ්රොස් වාර්තාකරුවන්ට පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ ලෝකයේ පළමු වැනි කොවිඩ්-19 මර්දන එන්නත ලබා දී මාස 6ක් ගතවී ඇතත්, ඉහළ ආදායම් ලබන රටවල් පමණක් එන්නත් මාත්රාවන්ගෙන් 44%කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති බවයි.
"අඩු ආදායම්ලාභී රටවල් පරිපාලනය කර ඇත්තේ එන්නත් මාත්‍රා 0.4%ක් පමණයි. මේ සංඛ්‍යාලේඛනයේ වඩාත්ම කනගාටුදායක දෙය නම්, එය මාස කිහිපයක් තුළත් වෙනස් වී නොමැති වීමයි." ටෙඩ්රොස් කීය.
සැප්තැම්බර් මාසය වනවිට සියලු රටවල ජනගහනයෙන් අවම වශයෙන් 10%ක්වත්, වසර අවසාන වනවිට අවම වශයෙන් 30%ක්වත් වෙනුවන් එන්නත ලබාදීම සඳහා ටෙඩ්රොස් දැවැන්ත ගෝලීය කැපවීමක් ඉල්ලා සිටී.
ඒ සඳහා සැප්තැම්බර් මාසය වනවිට අතිරේක මාත්‍රාවන් මිලියන 250ක් අවශ්‍ය වන අතර, ජුනි සහ ජූලි මාසවලදී පමණක් මාත්‍රා මිලියන 100ක් අවශ්‍ය වේ.
"මෙම සති අන්තයේ G7 නායකයින් ඔවුන්ගේ වාර්ෂික සමුළුව සඳහා රැස්වනු ඇති" ටෙඩ්රොස් පැවසීය. "මේ ජාතීන් හතට මෙම ඉලක්ක සපුරා ගැනීමේ බලය තිබෙනවා. මම G7 වෙතින් ඉල්ලා සිටින්නේ මාත්‍රාව සාමාන්‍යයෙන් බෙදාගැනීමක් ගැන කතා කරනවා පමණක් නොව, ජුනි සහ ජූලි මාසවලදීත් ඒවා බෙදා ගැනීමට කැපවන ලෙසයි."
විශේෂයෙන් අඩු ආදායම්ලාභී රටවලට එන්නත් සමානව බෙදා හැරීම සහතික කිරීම සඳහා පිහිටුවන ලද COVAX වැඩසටහන හරහා දැනටමත් මාත්‍රාවන් මිලියන 80කට වැඩි ප්‍රමාණයක් රටවල් හා කලාප 129කට ලබා දී ඇත. නමුත් එය මේ වනවිට මාත්‍රා මිලියන 200ක් පමණ වේ යැයි පුරෝකථනය කළ ස්ථානයට වඩා පිටුපසින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. COVAX සඳහා එන්නත් ලබාගැනීම සඳහා ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර, එහි හදිසි භාවිත ලැයිස්තුගත කිරීමේ තත්ත්වය ලබා දිය යුතුය.
මේ වනවිට එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය විසින් ඇස්ට්‍රාසෙනෙකා, ජොන්සන් සහ ජොන්සන්, මොඩෙර්නා, ෆයිසර්-බයෝඑන්ටෙක්, සීනොෆාම් සහ සීනොවැක් විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් සඳහා පමණක් හදිසි භාවිත අනුමැතිය ලබාදී තිබේ.