එන්නත් ජාතිකවාදයේ ව්‍යාකූල ප්‍රවණතාව සහ බටහිර ජාතීන් තම ජනගහනයේ අවශ්‍යතාවටත් වඩා බෙහෙවින් වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීම පිළිබඳව තමන් කණස්සල්ලට පත්වන බව ජාතීන් 63ක කණ්ඩායම වෙනුවෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චීනයේ නියෝජිත චෙන් ෂු අවධාරණය කළේය.
සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත ලබාදීම සඳහා කැපවන ලෙස ධනවත් රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටීමට බිහිවූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 60කට වැඩි පිරිසකට සම්බන්ධ වෙමින් චීනය මෙම අදහස් පළ කර තිබේ.
එහිදී හෙළි වූ කරුණක් වූයේ ලොව පුරා එන්නත් මාත්‍රා බිලියන 2.5ක් පමණ මේ වනවිට ජනතාවට ලබාදී තිබුණත්, අඩු ආදායම්ලාභී රටවල ජනතාවට ලැබී ඇත්තේ 0.3%ක් පමණක් බවය. මේ අතර, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය ඔවුන්ගේ ජනගහනය ආවරණය කිරීමට ප්‍රමාණවත් මාත්‍රා ප්‍රමාණයටත් වැඩි මාත්‍රා ප්‍රමාණයක් ලබාගෙන ඇති බවද සඳහන් විය.
"එන්නත් යනු වසංගතයට පිළියම් යෙදීම සඳහා ප්‍රබල මෙවලමක්. එමගින් ගෝලීය වශයෙන් මහජන යහපතක් බවට පත්විය යුතුයි" ජාතීන් 63ක කණ්ඩායම වෙනුවෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නියෝජිත චෙන් ෂු පැවසීය. "එන්නත් ජාතිකවාදයේ ව්‍යාකූල ප්‍රවණතාව සහ බටහිර ජාතීන් තම ජනගහනයේ අවශ්‍යතාවට වඩා බෙහෙවින් වැඩි එන්නත් මාත්‍රාවක් ගබඩා කිරීම පිළිබඳව අපි කනස්සල්ලට පත්ව සිටිනවා."
එම ප්‍රකාශය ධනවත් රටවලින් ඉල්ලා සිටියේ තමන්ගේ නිෂ්පාදනය පුළුල් කරන අතරම, වෙනත් තැනක එන්නත් නිෂ්පාදනයට හා සංවර්ධනයටද සහාය වන ලෙසයි. දැනටමත් ස්ථාපිත එන්නත් නිපදවීමට නිෂ්පාදකයන් වැඩි පිරිසකට අවස්ථාව දීම සඳහා පේටන්ට් අයිතීන් නිදහස් කළ යුතු බවද චෙන් ෂු පැවසීය.
වසංගතය පැවති සමයේ මානව හිමිකම් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කිරීමට රටවල් අපොහොසත් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවෙන් අනතුරුව මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ. සහයෝගීතාවයේ මූලධර්මය මත පදනම්ව කොවිඩ්-19 සමග කටයුතු කිරීම සඳහා වඩාත් සම්බන්ධිත, බහුපාර්ශ්වික ප්‍රවේශයක් එම වාර්තාවෙන් ඉල්ලා සිටියේය.