කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බටහිර ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි ලාංකිකයන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (27දා) පර්ත් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.
මෙසේ පැමිණෙන ශ්‍රී ලාංකිකයන් රජය විසින් පවත්වාගෙන යන නිරෝධානය මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වීමට නියමිත අතර පී.සී.ආර්. පරීක්ෂණද සිදුකිරිමට නියමිතව තිබේ.