කොරෝනා වෛරසයට එරෙහිව ලොවපුරා රාජ්‍යයන් සිදුකරන සටනට සහාය වෙමින් චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතින් ගුවන්ගත කර ඇති එන්නත් ප්‍රමාණය ටොන් 11,000කට වඩා වැඩි බව පවසයි.
බීජිං ගුවන් සේවා භූමි සේවාවෙහි ජාත්‍යන්තර සීතල දාම ප්‍රවාහන අධ්යක්ෂ ෆු චුන්ලේ පවසන පරිදි ඔවුන් පසුගිය ජූලි මාසයේ සිට ලොව පුරා රටවල් 41කට පමණ එන්නත් ටොන් 11,000කට වැඩි ප්‍රමාණයක් යවා තිබේ.
දිගු දුර ප්‍රවාහනය සඳහා විශේෂයෙන් සාදන ලද සීතල දාම බහාලුම්වල බහා ඇති එන්නත් ගුවන් ප්‍රවාහනය සඳහා යොදාගැනීමට පෙර ශීතාගාරවල තැන්පත් කර ඇති බව කියයි.
එන්නත් ලබාගැනීම සඳහා පැමිණෙන බොහෝ ගුවන් යානා ඒ සඳහා කුලියට ගත් භාණ්ඩ ප්‍රවාහන යානා වුවද, ඒ අතර බොහෝමයක් තාවකාලිකව වෙනස් කරන ලද මගී ප්‍රවාහන ගුවන් යානා බැවින් මේ වෙනුවෙන් අමතර අවධානයක් සහ ශ්‍රමයක් වැය කිරීමට සිදුවන බවද ෆු චුන්ලේ පවසයි.
කෙසේ වෙතත් බීජිං ජාත්‍යන්තර ගුවන්තොටුපළ එන්නත් ලබා ගැනීම සඳහා පැමිණෙන ගුවන් ගමන් සඳහා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී ඇති අතර, එමගින් ඔවුන්ට පැමිණ කාර්යක්ෂමව ආපසු ගමන් කළ හැකි බවද කියයි.
“අපට ලබා දිය හැකි හොඳම සේවාව ලබා ගැනීම සහතික කිරීම සඳහා අපි එන්නත් රැගෙන යන ගුවන් ගමන් හැසිරවීමට පළපුරුදු පිරිස් යවා තිබෙනවා” යැයි බීජීඑස් හි මෙහෙයුම් හා ඒප්‍රන් සේවා අධ්යක්ෂ ෂාඕ ෂෙන්ග් පැවසීය.
එන්නත් කාර්යක්ෂමව ප්‍රවාහනය කිරීම සහතික කිරීම චීනයේ ගුවන් ප්‍රවාහන අංශය සිය ප්‍රමුඛතාවක් ලෙස සලකයි.
චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලන ආයතනයට අනුව චීනය මාර්තු මාසය වනවිට රටවල් 43කට එන්නත් අපනයනය කර ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් 69කට නොමිලේ එන්නත් යවා තිබේ.