මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට දෙන පොලිස් නිලධාරීන් අඩු කිරිම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීන් සභාවේදී සිය විරෝධය ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගේ බෑග් හා ෆයිල් රැගෙන යාමට පොලිස් නිලධාරීන් ලබා නොදෙන බවයි. රටට ආරක්ෂාව ලබාදෙන බවත් ඔහු පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“පොලිස් නිලධාරීන් ඉන්නේ පොලිස් රාජකාරී කරන්න. පොලීසියේ ඉන්නේ 85000යි. මන්ත්‍රීවරුන් හා අනෙකුත් අය සඳහා 38000ක්ම දීලා තියෙනවා.
නමුත් මන්ත්‍රීවරුන්ට මහජනයා ගැන විශ්වාසයක් නැනිතම් පොලීසිය නැතිව යන්න මන්දන් නෑ. මහජනතාව ගැන විශ්වාසයක් නැති නිසයි පොලීසිය ඉල්ලන්නේ. පොලීසිය ඉල්ලන්නේ ෆයිල් උස්සන් යන්නද? බෑග් උස්සන් යන්න ෆයිල් උස්සන් යන්න පොලීසිය දෙන්නේ නෑ.
අපි රටටම ආරක්ෂා දෙනවා. මන්ත්‍රීවරුන්ට පමණක් නෙමෙයි මුළු රටේ සමස්ත ජනතාවට ආරක්ෂාව දෙනවා. මේක පටන් ගත්තේ 89. මන්ත්‍රීවරුන්ට දුන්නා තමන්ට කැමැති පස් දෙනෙක් උප සේවා පොලිස් සේවයට බඳවා ගන්න. ඒ 89 තිබුණ වාතාවරණය. ඊළඟට LTTE ප්රශ්නය නිසා තවත් දෙන්නෙක් තුන්දෙනෙක් දුන්නා. දැන් හතර දෙනෙක් දුන්න එක දෙන්නෙක් දිලා තියෙනවා.
සමහර පොලිස් කොට්ඨාස වල රාජකාරී කරන්න පොලිස් නිලධාරීන් නෑ. දැන් අවශ්‍ය වෙන්නේ තමුන්නාන්සේලාට පොලිස් නිලධාරීන් දෙන්නද? එහෙම නැත්නම් මහජනතාවගේ ප්‍ර දේශ ආරක්ෂා කිරීමද?
එහෙනම් අපි අලුතෙන් බඳවා ගන්නම්. නැත්නම් අපි අවස්ථාව දෙන්නම් තමුන්නාන්සේලාට කැමති කෙනෙක් අරවට මේවට බඳවා ගන්න.”
තුෂාර ඉදුනිල් - චමල් රාජපක්ෂ ඇමතිතුමා හොඳ උත්තරයක් දුන්නා. හිටපු මහ ඇමතිලා පරාජිතයි. ඔවුන්ට තනතුරු නෑ. ඒ සියලු දෙනාට ආරක්ෂක නිලධාරීන් හය හත්දෙනා ලබා දී තිබෙනවා.
ආණ්ඩුවේ පිටිපස්සේ ඉන්න කැබිනට් ඇමතිකම් දරපු නියෝජ්‍ය ඇමතිකම් දරපු අයට හය හත්දෙනා ඉන්නවා. හිටපු අගමැතිවරයට 200ක් ඉන්නවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙ හැත්තෑ ගණනින් තවත් අඩු කරන්න යනවා. මේක කොයිතරම් සාධාරණද? මන්ත්‍රීවරුන් ලෙස අපි 4 දෙනෙකුගේ ආරක්ෂාවට පුරුදු වෙලා හිටියා.