බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් ඉන්ජස්ට්‍රි වත්තේ බිරට් කොටසේ පවුල් 10 පදිංචි වතු නිවාස පේලියක් අද (04දා) සිට හුදෙකලා කළ බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ.ගනේෂ් මහතා පැවසිය.
හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කල සේවිකාවන් සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි එම අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමෙන් පසු එම වතු යායේ පවුල් 12 කට අයත් සමාජිකයන් 47 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාවක් අනුව ඇගළුම් කර්මාන්ත පෙර අසාදිතයෙකුගේ මවට සහ නැගණියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (04) දින තහවුරු වි ඇත.
(04) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු මව එම වතුයායේ තේ දළු නෙලීමේ රැකියාවේ නිරතව ඇති නිසා එම අසාදිතයාගේ ළගම ආශ්‍රිතයන් ගණනාවක් එම වතු නිවාස පේලියේ පදිංචි නිසා එම වතු නිවාස පේලිය හුදකලා කිරිමට පියවර ගත් බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේය.