බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නගර බද සහ වතු ආශ්රිත ප්‍රදේශවලින් (02) දින ලද පි.සි.ආර් පරික්ෂණ වලින් අසාදිතයන් 13 දෙනෙකු හමු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
බගවන්තලාව සහ නොර්වුඩ් පොලිස් වසම් වලට අයත් කැම්පියන්, පෙට්රොසෝ , පොයිස්ටන් සහ ටින්සින් යන වතු සහ නගර ආශ්රිත ප්‍රදේශවලින් නව අසාදිතයන් හමු වි ඇත.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 566 දෙනෙකු මේ වන විට වාර්තා වි ඇති අතර (01) දින වාර්තා වු කොවිඩ් මරණ 04 ත් සමග කොවිඩ් මරණ 18 දක්වා ඉහල ගොස් ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
නව අසාදිතයන් 13 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
හැටන් රංජිත් රාජපක්ෂ