අම්බලන්ගොඩ ධීවර වරායෙන් පසුගිය පෙබරවාරි 05 පිටත්ව ගිය බහුදින ධීවර යාත්ර 04 ක සිටින ධීවරයින් 24ක් බේරා දෙන ලෙස ඉල්ලා අද දින එම ධීවරයන්ගේ පවුල් වල ඥාතීන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හමුවී ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදි.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අම්බලන්ගොඩ ධීවර වරායෙන් පිටත්ව ගිය ධීවරයන් 24 දෙනා හා ධීවර යාත්‍රා 04ත් දැනට බංගලාදේශ රජයේ අත්අඩංගුවේ තිබෙන බවත් කඩිනමින් එම පිරිස් න නිදහස් කර ගැනීම සදහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත්ය.