බෝගම්බර බන්ධනාගාරයෙන් රැඳවියන් පිරිසක් පැනයාමට උත්සාහ කිරීමේ දී එම රැඳවියන් සමඟ පොර බැදූ බන්ධනාගාර නියාමකවරුන් හතරදෙනකු වහාම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව බන්ධනාගාරයේ ප්‍රකාශකයකු පැවසීය .
එසේ පැන යාමට උත්සාහ කිරීමේදී මිය ගිය හා බරපතල තුවාල ලැබූ රැඳවියන් දෙදෙනාටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එසේ එම නිලධාරීන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ .
එම මිය ගිය රැඳවියා සහ තුවාල ලැබූ රැඳවියා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී රෝහල් වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවකයන් හා පොලීසිය නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් අනුව ක්‍රියා කළ නිසා ඔවුන් සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය. .
ෂේන් සෙනෙවිරත්න