බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නිරෝදායනය වන රිමාන්ඩ් සිරකරුවන් අතුරෙන් ඊයෙ (16) දිනයේ දී අහඹු ලෙස තෝරාගත් තෝරා ගත් රැඳවිය් 217 දෙනෙකුට සිදුකරන ලද පි.සි.ආර්. පරීක්ෂණවලින් රැඳවියන් 41 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආස්වාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව එම බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු පැවැසීය .
එම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් 809 කු අතරින් මේ වන විට එහි රඳවා තිබෙන්නේ රැඳවියන් 446 දෙනෙකු පමණක් බව පැවසූ එම නිලධාරියා එම පිරිසෙන් කොවිඩ් වෛරසය ආසාදනය වූ රැඳවියන් 41 දෙනා කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගන්නා බවද පැවසීය .
ෂේන් සෙනෙවිරත්න