බෝගම්බර පැරණි බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වීමත් සමග එම නියාමකවරුන් දෙදෙනා තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ බලධාරීන් පියවර ගෙන තිබේ.
අලුතෙන් බන්ධනාගාර ගතවන්නන් නිරෝධායනයට ලක් කිරීම සඳහා එම බන්ධනාගාරය මේ වන විට ප්‍රයෝජනයට ගන්නා අතර මීට පෙර එම බන්ධනාගාරයේ රැදවියන් හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි .
පල්ලෙකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයේ ද එක් රැඳවියෙකුට මීට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණු අතර බන්ධනාගාර දෙකේම නිලධාරීන් හා රැඳවියන්ට දිගින් දිගටම පි.සි.ආර්. පරීක්ෂණ සිදු කරමින් පවතින බව සෞඛ්‍ය අංශ බලධාරීන් පවසයි .
ෂේන් සෙනෙවිරත්න