විසල් මහනුවර සංවර්ධන නව සැලැස්ම අනුව දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනා ගත් හැකි ස්ථානයක්ව බවට මහනුවර නගරය නිශ්චිත කාල රාමුවක් තුළදී පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කෙළේය.
ඒ යටතේ බෝගම්බර පැරණි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු කෙටි කාලයක් තුළදී නිමාවට පත් කරන බව (17) අද මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති නව සැලැස්ම පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව අනාවරණය කළේය.
අක්කර 14ක භූමි වපසරියකින් යුතු බෝගම්ර බන්ධනාගාරය තුළ සාම්ප්‍රදායික ග්‍රාමීය නිෂ්පාදන අන්තර් කරන බවත් වෙළඳ සල්පිල් හා ප්‍රදර්ශනවලින් එය අන්තර්ගත කරන බවත් පැවසීය.
වර්ෂ 2025දී මිලියන හතරක සංචාරක ප්‍රවේශයක් අපේක්ෂා කරන අවස්ථාවක ඊට මහනුවර නගරයෙන් සැලකිය යුතු දායකත්වයක් ලැබිය යුතු බව කී අමාත්‍යවරයා, මෙම ස්ථානයේ නිෂ්පාදකයන්ට වෙළඳපල අවස්ථා විවෘත කිරීමට මේ යටතේ සැලසුම් සකස් කර ඇතැයි පැවැසීය.
මහනුවර නගරයට පැමිණෙන විදේශීය සංචාරකයන් දින කිහිපයක් මහනුවර රඳවා ගැනීමට හැකි පරිදි සංචාරක ආකර්ශනයන් යුතු අංගවලින් මෙම ස්ථානය සමන්විත් කිරීමට යෝජිත නව අතර ඓතිහාසික වටිනාකම් රැකගෙන සංවර්ධනය කෙරන මෙම භූමිය තුළ සීමා රහිත් ආයෝජනයක් සිදු කළ හැකි යැයි ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
දුම්බර - එම්. ආර්. ප්‍රදීප්