බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ (28) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 45 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
ඉකුත් (23) දින සිදු කල පි.සි.ආර් පරික්ෂණය අනුව නව අසාදිතයන් 45 දෙනා හදුනාගත් බවත්,එම අසාදිතයන් බගවන්තලාව,කර්කස්වොල් වතු යාය , කැම්පියන් වතු යාය , නොර්වුඩ් හොන්සි ප්‍රදේශය සහ කොටියාගල යන වතු ආශ්රිත ප්‍රදේශවලින් හදුනාගත් බවත්, අසාදිතයන් වැඩි ප්‍රමාණයක් වතු ආශ්රිත එකම පවුලේ වතු පොකුරක් ලෙස හමුවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
නව අසාදිතයන් 45 දෙනා පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිසා ඔහුන් ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 අසාදිතයන් ලෙස හදුනාගත් බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (28) දින කොවිඩ් මරණ දෙකක් වාර්තා වන බවත්, මේ වන විට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් මරණ 12 ක් සහ අසාදිතයන් 504 දෙනෙකු හමු වි ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
රංජිත් රාජපක්ෂ