පාස්කු ප්‍රහාරයට ආදාළ සත්‍ය අපරාධකරුවන් හඳුනාගැනීමට රජය පියරව ගත යුතු බවත් දේශපාලන වාසි වෙනුවෙන් අහිංසක පුද්ගලයන් වරදකරුවන් කිරීමෙන් වැළකිය යුතු බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයෙන් වසරක් ගතවන අද දිනයේදී ඒ පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කරමින් ඔහු සිය ට්විටර් ගිණුමෙන් මෙම අදහස් දක්වයි.
එසේම පාස්කු ප්‍රහාරයට ගොදුරු වූ සියලු දෙනා වෙනුවෙන් තමන් යාඥා කරන බවත් ඔහු පවසයි.
“වින්දිත ප්‍රජාවෙන් පැමිණි පුද්ගලයෙකු ලෙස මම ත්‍රස්තවාදය හේතුවෙන් විඳින දුක් වේදනා හොඳින් දනිමි.” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.