පාස්කු ප්‍රහාරය සිදුවී වසර දෙකයි
2019 වසරේ අප්‍රේල් 21දා ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලි හා ප්‍රධාන පෙළේ හෝටල ඉලක්කර ගනිමින් එල්ල වූ පාස්කු ප්‍රහාරයට අද වන විට වසර දෙකක් සම්පූර්ණ වී තිබේ.
එම ප්‍රහාරයෙන් වින්දිතයන් සැමරීම වෙනුවෙන් අද දිනයේදී කතෝලික පල්ලි මූලික කර ගනිමින් විවිධ වැඩසටහන් නිර්මාණය කර තිබේ.
ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
එසේම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සැමරීම වෙනුවෙන් අද පෙරවරු 8.45ට විනාඩි දෙකක නිහඩතාවක් ආරක්ෂා කරන ලෙස මැලකම් කාදිනල් රංජිත් හිමාපාණෝ ඉල්ලීමක් කර තිබේ.